කාම්බෝජයේ මාධ්‍ය නිදහස ගැන බියක්?

May 11, 2018

කාම්බෝජයේ අවසන් ස්වාධීන, ඉංග්‍රීසි දෛනික පුවත්පත ලෙස සැලකුණු The Phnom Penh Post පුවත්පත විකුණා ඇතැයි වාර්තා වේ.

මෙම පුවත්පතේ නව අයිතිකරු වන්නේ සිවකුමාර් ගණපති නම් මැලේසියානු ව්‍යාපාරිකයෙකි.

කාම්බෝජ රජය වෙනුවෙන් වැඩකටයුතු සිදු කළ මහජන සම්බන්ධතා සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඔහු කටයුතු කරයි.

අනාගතයේදී පුවත්පතේ කර්තෘ මණ්ඩල නිදහසට බාධා නොකරන බව ගණපති මහතා පැවසූවද, ජූලි මාසයේදී  කාම්බෝජයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණයට පෙර සිදුවූ මෙම ගණුදෙනුව, එරට මාධ්‍ය නිදහසට බාධාවක් වනු ඇති දැයි මේ වන විට සැක පහල වී තිබේ.

බැස යමින් තිබුණු දැන්වීම් ආදායම් මට්ටම් හේතුවෙන් මෙම පුවත්පත විකුණූ බව එහි කලින් අයිතිකරු වන ඕස්ට්‍රේලියානු ජාතික බිල් ක්ලෝ පෙරේදා දින සනාථ කර තිබුණි.

t

o

p