රත්නපුරේ පුපුරා ගියේ : බැසිල් – ගෝඨා ගැටුමේම බෝම්බයක් !

May 6, 2018

රත්නපුර මහ නගර සභාව සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙක් පත් කර ගත් ක්‍රමවේදය සම්බන්ධව  පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා දේවි වන්නිආරච්චිට විරෝධය පළකරමින් එම දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වීම බැසිල් – ගෝඨා ගැටුමේ ප්‍රතිඵලයක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
රංජිත් සොයිසා, පේ‍්‍රමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා තවත් මහජන නියෝජිතයන් පිරිසක් විසින් රත්නපුරයේදී මෙම  මාධ්‍ය හමුව පැවැත්වූ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨා පාර්ශවය නියෝජනය කරන්නන් වන බවයි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා දේවි වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව  පළාත් සභා මන්ත්‍රී කංචන දසනායක දැඩි බැසිල්වාදීන් බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි. රත්නපුර මහ නගරසභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා එජාප සහය ලබා ගැනීම මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නි ආරච්චි හා ඇගේ සැමියා සිදුකළ දේශපාලන මගෝඩිකමක් යයි මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම චෝදනා නැගුවත් එම කටයුත්ත සිදුකර ඇත්තේ බැසිල් පාර්ශවයේ අනුදැනුම මත බවත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.
තවද ඉතා සුක්ෂමව බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන වල බලය තම හිතවාදී පිරිස් වෙත ලබාදීමේ උපක්‍රමයක් අනුගමනය කරමින් සිටින බවත් ඊට එරෙහිව කිසිවක් කිරීමට මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පවා උත්සාහ නොකරන බවට අදහසක් ගෝඨා පාර්ශවය දරන බවද වාර්තා වෙයි

t

o

p