එජාපය මංගලගේ තටු කපයිද ?

April 27, 2018

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ඇමැති මණ්ඩල සංශෝධනයේදී නැවත වරක් එජාප ඇමැති ධූරවලද දැඩි වෙනසක් ඇති කරන ලෙස මේ වන විට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීර මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යධූරය ඉවත් කරන ලෙස එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගෙන් දැඩි ඉල්ලීමක් තිබෙන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මංගල සමරවීර ඇමැතිවරයා එජාපයේ සන්නිවේදන බලකායේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අතර එම කාර්යභාරයද නිසි අයුරින් ඉටු කර නොමැති බවට එම මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීමේදී මංගල සමරවීර ඇමැතිවරයා යටතේ පැවැති එජාපයේ සන්නිවේදන බලකායේ ප්‍රධානත්වය ඉවත් කර ඇති අතර එජාප සන්නිවේදන බලකායේ නව ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

t

o

p