මර්වින් සිල්වා යළි එජාපයට !

April 23, 2018

නොයෙකුත් පෞද්ගලික හේතුන් නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එක්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කමිටුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව එජාප ප්‍රබල ඇමතිවරයකු පසුගිය දිනක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ.
එම ඇමතිවරයා මර්වින් සිල්වා මහතාගේ සමීප ඥාතියකු බවද පැවසේ.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංගයේදී මර්වින් සිල්වා මහතා මාධ්‍ය හමු කිහිපයක්ම පවත්වමින් කල ප්‍රකාශ එජාප නායකත්වයේ විශේෂ අවධානයට යොමුව ඇත.

ඔහු පසුගිය අප්‍රේල් 03දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවේදී ජන්දය දෙන අයෙක් වෙයි නම් ඔවුන්ගේ උප්පත්තිය ගැන හොයා බලන්න අවශ්‍ය බවයි.

තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීම දේශපාලන වශයෙන් සිදුකල බරපතල වරදක් බවද ඔහු එහිදී කියා සිටියේය.

කෙසේවුවද ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙනවාදැයි යන්න පිළිබඳව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු මර්වින් සිල්වා මහතා ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු නිසි පිළිතුරක් ලබා නොදුන්නේය.

‘වැඩක් කරන, කල හැකි මහා බුද්ධිමතා රනිල් පමණයි’- මර්වින්

මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් මර්වින් සිල්වා මහතා පවසන්නේ, බුද්ධිය මෙහෙයවිය හැකි, වැඩක් කල හැකි, වැඩක් ගන්න පුළුවක් එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරණ කූට්ටම අතහැර අලුත්වැඩපිලිවෙලකට යායුතු බව ඔහු අවධාරණය කර සිටියි.

t

o

p