මානසික රෝගයකින් පෙලෙන හිටපු ඇමතිට රනිල් ඇමතිකම් දෙන්න හදන්නේ රෙදි ඇදගෙනද ?

April 23, 2018

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය සමග ප්‍රසිද්ධියේ ඩිල් දැමීම නිසාවෙනි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කරන අවස්තාව වනවිට එජාප නායකත්වයට මෙන්ම මුළු මහත් එජාපයට පහත් අපහාසාත්මක ප්‍රකාශ කරමින් දැඩි විවේචන එල්ල කල අතර ඔහුගේ පරම අභිප්‍රාය වුයේ ඇමතිකම නැති වීමෙන් පසු මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් මහින්ද එකාබද්ධයේ දොරටු ඔහුට විවර කරනු ඇතැයි යන්නය. නමුත් ඔහුට ගෝඨාභයගේ පිහිට ලැබුනද මහින්ද පයිසෙකට ගණන් ගත්තේ නැත. මෙහෙම සිටින අතරතුර ඇමති පුටුවේ තිබුන රහ මන්ත්‍රී පුටුවේ නැති බව ඔහුට දැනෙමින් පැවති බව ඔහුගේ නිවසින් දැන ගන්නට ලැබිණි. මන්ද ඔහු අධිකරණ ඇමැතිධුරයේ සිටින විට නඩු යට ගසමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අස්ථාන ගත කර කෝටි ප්‍රකෝටි ගණන් සෙව්වේ සුදු ඇදුමට මෙන්ම පුල් සුට් එකට මුවා වෙමින්ය. දේශපාලන ලෝකයේ ඔහුට මේ වනවිට කදිම නමක්ද පට බැදී ඇත. ඒ කුප්‍රකට ඩිල්දාස ලෙසය.

හිටපු ඇමතිට මානසික රෝගයක් 

ඔහු මේ දිනවල සුව කල නොහැකි මානසික රෝගයකින් පෙලෙන බවත් එය සිදු වී ඇත්තේ ඔහුට ඇමතිධුරය අහිමි වීමෙන් පසුව ඔහුගේ බිරිද සහ දරුවන් පවා මොහුව කොන් කිරීම නිසාවෙන්ය. මොහු කොළඹ නවලෝක රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් රහසිගතව ප්‍රතිකාර ගන්නා බවද දැන ගන්නට ලැබී ඇත. මේ අතරතුර ඩිල්දාස මේ දිනවල පුවත් මවමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. ඒ ඔහුට රනිල් නැවතත් කැබිනට් ඇමැතිධුරයක් දෙන බවට ඔහුගේ හිතවතුන් හරහා පණිවිඩ පිට පණිවිඩ යවමින් සිටිති. ඒ විටෙක අධිකරණ ඇමතිධුරය දෙන බවත් විටෙක විදේශ කටයුතු ඇමතිධුරය දෙන බවත්ය.

එජාපය ඇතුලේ ගිනි 

මහරගම ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම සිරිකොත තුලද මේ දිනවල මහත් කසුකුසුවක් වී ඇත්තේ විජේදාස විසින් මවන පුවත ගැනය. ඔවුන් පවසන පරිදි මොහුට ඇමතිකමක් දෙන්නේ නම් රනිල් නිරුවස්ත්‍ර විය යුතු බවත් එජාප නායකත්වයේ නිවැරදි ප්‍රතිපත්තියක් නැති විය යුතු බවත්ය. රනිල්ගේ පරපුර ගැන අසමින් බවත් මේ දිනවල විජේදාස රාජපක්ෂ සහ ඔහුගේ පුතා විසින් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ආයතන වලට මෙන්ම සමාජ ජාල වලට මුදල් ලබා දෙමින් විජේදාස රාජපක්ෂගේ වොයිස් කට් , ප්‍රෙස් රිලීස් ලබා දෙමින් තමන් එජාපයට හේත්තු වීමට මාන බලන බවට තොරතුරු ලැබී ඇත. එ.ජා. පක්ෂ නායකත්වය මෙන්ම  පක්ෂයේ දේශපාලඥයින්ට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ඔහුගේ පුත්‍රයාගේ වන COLOMBO JOURNAL, COLOMBO TODAY, CJ VIDEO ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අගමැතිවරයා සහ මංගල සමරවීර, රවී කරුණානායක  රාජිත සේනාරත්න, අජිත් පි.පෙරේරා, රන්ජන් රාමනායක, කබීර් හෂීම්, චතුර සේනාරත්න, මුජිබර් රහුමාන් ඇතුළු එජාපයේ මැති ඇමතිවරුන්ට මඩ ගැසීමේ කුඨ ව්‍යාපාරයක නියැලෙමින්  මහින්ද, ගෝඨාභය ඇතුළු ඒකාබද්ධය ප්‍රමෝට් කරමින් ප්‍රචාරණ කටයුතු වල නියැලුනේ ඔවුන්ගේ බංකොලොත් පහත් දේශපාලන හෙළුවැල්ල රටට පෙන්වමින්ය.  රජයට විරුද්ධව නඩු මගට ගිය මොහුට ඇමතිධුර දෙන්නේ නම් රනිල්ට නැවත එජාපය තුලින්ම විශ්වාසභංගයක් ගෙන එන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ සැමදෙයක්ම පිටුපස සිටිමින් විජේදාස රනිල් එකතු කිරීමට වෙර දරන සුපිරි ඩිල්කරුවෙකු වන බැසිල්ගේ ගෝලයෙකුද වන තරුණ සේවා සභාවේ සභාපති වැලිඅංගේ නැමැත්තාය. නමුත් මොවුන් සමාජය ඉදිරියේ විරසක බවක් පෙන්වමින් මුළු මහත් සමාජයම අන්දමින් ඇත. මොවුන් මේ රංගනය අතර තුර කී වතාවක් හමු වී ඇත්දැයි සොයා බැලුවොත් මොවුන්ගේ නාටකය ඇත්ත රට ඉදිරියේ නුදුරේදී දිග හැරෙනු ඇත.

t

o

p