මිලේච්ඡ මිනීමැරුම්, පහරදීම්, අතුරුදහන් කිරීම් ඇතුළු අපරාධ රැසක් සිදුකලේ ගෝඨා බව CIDය අනාවරණය කරයි.

April 23, 2018

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතල අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත්තේ එකම පුද්ගලයෙකු විසින්  බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි.

ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ, වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ රතුපස්වල ප්‍රහාරය එම අහිරහස් සිද්ධීන් වෙයි. මේ අපරාධ සියල්ලම ඉතාමත් සැලසුම් සහගතව සිදු කළ ඒවා බව එම පරීක්ෂණ මගින් තව දුරටත් හෙළිකර ගෙන තිබේ.

මේ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය, ආරක්ෂක බුද්ධි අංශ සහ තවත් ඔත්තු සේවාවන්වල යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇතත් එම අපරාධ පිටුපස සිටින පුද්ගලයා එම අපරාධ සිදු කිරීමට සම්බන්ධ වී ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති තොරතුරු ඉදිරියේදී අධිකාරණට ඉදිරිපත් කර ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණ අවසරය ලබා ගැනීමටත් බලාපොරොත්තුව සිටියි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය, බන්ධනාගාර ඝාතන ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සහ සෙසු ආරක්ෂක නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතත් ඔවුන්ගෙන් සහ විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් එම ඝාතන සිදු කිරීමටත් අදාළ පරීක්ෂණ අකර්මන්‍ය කිරීමටත් උපදෙස් ලබාදුන් පුද්ගලයා පිලිබඳ වඩාත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.

එම අභිරහස් ඝාතනවලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හට නිදැල්ලේ සිටීමට ඉඩ නොහැර එම පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ උපදෙස් මත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යන බව නිතර නිතර පැවසුවද දැනට වසර තුනකට වැඩි කාලයක් ගත වී ඇතැත් පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාමාර්ග සිදුවන්නෙ ඉතා මන්දගාමීවය.

මිට වසර නවයකට පෙර අභිරහස් ලෙස මිලේච්ඡ ප්‍රහාරයකට ලක්ව මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්විය. එම පරීක්ෂණ සැකකරුවකු හරි නොමැතිව යට ගැසී තිබියදී මිට වසර දෙකකට පමණ පෙර යළි එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බාරගෙන කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම අපරධයේ පරීක්ෂණ වාර්තා යට ගැසූ පොලිස් නිලධාරින්ද අත්අඩංගුවට ගනු ලැබුණි. මේ වනවිට එම ඝාතනයට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අභිරහස් ලෙස අතුරුදන් වුයේ ඒ ආකාරයෙන්මය එදින ඔහු බොරැල්ල ප්‍රදේශයේ පැවති සාදයකට ගොස් ආපසු යමින් සිටියදී ඔහු පැහැර ගැනීමකට ලක්වී තිබුණි. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවද හෙළි වී ඇත.

බන්ධනාගාර අපරාධ සිද්ධිය සිදු වුයේ 2012 වසරේදීය. එම සිද්ධිය වූ දින බන්ධනාගාර ප්‍රහාරයෙන් අමු අමුවේ මිලේච්ඡ ලෙස රැඳවියන් 27 දෙනකු ඝාතනය කර තිබුණි. එහිදී පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කළේ යැයි පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි ප්‍රබල සැකකරුවකු වූ බන්ධනාගාර නිලධාරියා රටින් පළා ගොස් තිබේ.

නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නෙයාර් පැහැර ගැනීමට ලක් වුයේ 2008 මැයි මස 22 වැනිදාය. එදින වැල්ලවත්තේ නිවස අසලට යන අතරතුදී අසල නවතා තිබු සුදු පැහැති වැන් රථයක සිටි පිරිසක් කඩා පණ කීත් නෙයාර් මහතාට අමානුෂික ලෙස පහර දී පැහැර ගෙන තිබුණි. මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යුද්ධ හමුදාවේ බුද්ධි අංශය බාරව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු මිට සති දෙකකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. මේ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස අධිකරණය ඉදිරියේ විභාග වන අතර, පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේදී මේජර් ජෙනරාල්වරයාගේ ඇප ප්‍රතික්ෂේප විය.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ මෙලෙස සිදු වූ මිලේච්ඡ මිනීමැරුම්, පහරදීම්, අතුරුදහන් කිරීම් පිටුපස සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව මුළු රටම දන්නෙමුය. ඔහුව නීතියේ රැහැනින් ගලවා ආරක්ෂා කලේ ජනාධිපති මෛත්‍රිපාල සහ රනිල් පාර්ශවයෙන් හිටපු නිතිය හා සාමය ඇමති සාගල මෙන්ම මලික් සමරවික්‍රම බවත් තවත් විටෙක ප්‍රසිද්ධියේ ආරක්ෂා කලේ හිටපු අධිකරණ ඇමති විජේදාස බවත් මුළු රටම දන්නෙමු. නමුත් එදා ජනවාරි 8 හැට දෙලක්ෂයක් ජනතා බලාපොරොත්තු විනාශ කර 2020 ගමන යාමට මෛත්‍රීට සහ රනිල්ට නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.

t

o

p