සියලු චෝදනා වලින් නිදහස් වූ රවී නැවතත් කැබිනට් ඇමති ?

April 23, 2018

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙතද කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට යෝජනාවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර රවී කරුණානායක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයා වූ අතර පසුව ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ඔහු එම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

කෙසේවුවත් රවී කරුණානායක මන්ත්‍රීවරයාට අදාලව බැඳුම්කර කොමිසමේ කිසිඳු චෝදනාවක් ඉදිරිපත්ව නොමැති අතර මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යධුරයක් ලැබීමට නියමිත වන්නේ ඒ හේතුව බවද වාර්තා වෙයි. එමෙන්ම බැදුම්කර වංචාවට හසු වූ අනිත් අය විසින් රවී කරුණානායක මන්ත්‍රීවරයා පිට කුණුගොඩ පටවා අත පිසදා ගැනීමට උත්සහ කිරීමක් බව දේශපාලන විචාරකයන් සදහන් කරයි.

එසේම විදේශ කටයුතු, විදෙස් ආයෝජන, සංචාරක, වැනි විෂය ඇතුළත් අමාත්‍යධුරයක් මන්ත්‍රීවරයාට ලැබෙනු ඇති බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මේ මොහොත වන විටත් අමාත්‍යධුර නම් කෙරෙමින් තිබෙන බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

t

o

p