සකර්බර්ග් පෞද්ගලික ආරක්ෂාව දෙගුණ කරන් !

April 23, 2018

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පසුගිය වසරේදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 7.3ක් වැයකර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

එය 2016 වසරට සාපේක්ෂව මාර්ක් සකර්බර්ග් සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් වැයකර ඇති මුදල 54% ක වැඩිවීමක් බව පැවසේ.

ඔහුගේ  පෞද්ගලික ගුවන් යානය සදහා ද ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වැයවී ඇති බව සඳහන් වේ.

ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය සකර්බර්ග්ගෙන් පැය 10ක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බවද වාර්තා වේ.

කෝටි 200 කට වැඩි පිරිසක් මේ වනවිට ෆේස්බුක් සමාජ ජාලය පරිහරණය බවද විදෙස් වාර්තාවල දැක්වේ.

t

o

p