මහින්දානන්ද ගොඩ දැම්මේ උපාසක බළල් වෙස් අරන් ඉන්න සාගලයි මද්දුම බණ්ඩාරයි

April 12, 2018

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ක්‍රීඩා අමාත්‍යාංශයට Carom Board ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කල අතර ඉන්පසු හෙළි වූ කරුණු මත ඔහුව පසුගිය 9 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුනත් එය සිදු වුයේ නැත. එසේ නොවීමට හේතුව අප විසින් සොයා බැලු අතර එහිදී විශේෂ කරුණු කිහිපයක් සාක්ෂි සහිතව අනාවරණය විය.

එජාපයේ නම ගිය ඩිල්කරුවෙකුගේ සහ උපාසක බළලෙකුගේ සහයත් මහින්දානන්දට

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යන බව සැලවීමත් සමග රාජපක්ෂ රෙජීමය ඇතුළු ඒකාබද්ධය භූමිතෙල් ගැසූ ගැරඩියෙකු මෙන් ඇවිස්සී තිබු අතර මහින්ද, බැසිල්, ගෝඨාභය මෙන්ම දේශප්‍රේමී විමල් විරවංශ මහතා ඇතුළු කිහිපදෙනෙකු පසුගිය (09) වනදින සිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙන්ම ඔවුන්ගේ පාර්ශවයන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ සමගම අප වෙත විශේෂ තොරතුරු කිහිපයක් ලැබී තිබිණි. එජාපයේ රාජපක්ෂ රෙජීමය සමග සමීප සබදතාවයක් ඇති කුප්‍රකට ඩිල්කරුවෙක් වන ඩිල්ගල නොහොත් සාගල රත්නායක මහතාට මහින්ද, ගෝඨාභය, විමල් විරවංශ යන තුන්කට්ටුව පසුගිය 09 වැනිදා සහ 10 වැනිදා යන දිනයන්හිදී අවස්ථාවන් කිහිපයක් මෙම අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීමට දුරකතනයෙන් කතාබහ කර ඇත. ඊට අමතරව මොවුන් විසින් වර්තමාන නිතිය හා සාමය ඇමති ලෙස කටයුතු කරන රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාද සම්බන්ධ කරගෙන ඇති අතර සාගල රත්නායක මහතාද රංජිත් මද්දුම බණ්ඩාර මහතාට කතා කිරීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස දැඩි බලපෑමක් එල්ල කර ඇතිබව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. රාජපක්ෂ රෙජීමය මෙන්ම එකාබද්ධයේ අරමුණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටු විය. එනම් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේ නැත. මෙහි සිදු වූ විශේෂ කරුණක් වුයේ නිතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථාන කිහිපයකට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිංහල, හින්දු අලුත් අවුරුද්දෙන් පසුවට කල් ගියා යැයි පවසා ඇත. මෙවන් අමන බංකොලොත් දේශපාලුවන් සමග යහපාලන ගමනක් ගැන කවර කතාද ?

යහපාලනයත් සමග බැදුණු ඩිල් දේශපාලනය 

2015 ජනවාරි 8 වනදින රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට 62 දෙලක්ෂයක් ජනතාව යහපාලනයට චන්දය දුන්නේ ඒ හොරුන්, දුෂිතයන්, මිනීමරුවන්ට නිතිය ඉටු වේ යැයි අදිටනින්ය. නමුත් සිදු වුයේ කුමක්ද ? සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර වැනි උපාසක බළල් වේසය ගෙන සිටින සමහරක් බංකොලොත් ඩිල් කරුවන් නිසා යහපාලනය මිනිස් සිත් වලින් පිරිහී ගොස් ඇත. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ එදා ජනවාරි 8 ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මහත් ඕනෑකමක් ඇති දේශපාලඥයන් නැතුවාම නොවේය. ඔවුන් ගැන ඉදිරි වසර 1 හමාර තුල යම් බලාපොරොත්තුවක් සියලු 62 දෙලක්ෂයක් ජනතා හදවත් විවර වෙනු ඇත.

උපුටා ගැනීම : slnewssweb.com

t

o

p