කැබිනට් සංශෝධනය හෙට

April 12, 2018

පසුගිය 10 වැනි අගහරුවාදා කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


පසුගිය 10 වැනි අගහරුවාදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ කටයුතු අපේක්ෂිත ඉලක්ක කරා ගෙනයාම අතපසු වූ බවත් එහෙයින් කැබිනට් සංශෝධනය කඩිනම් කර අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යාම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.


ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තද කතාවක්


මේ අතර පසුගිය 10 වැනි අගහරුවාදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පවතින දේශපාලන අර්බුදය හමුවේ රට පත්ව ඇති අස්ථාවර තත්ත්වය පිළිබඳ දැඩි අදහස් දැක්වීමක් සිදුකර තිබෙන බවත් එහිදී රට අස්ථාවර කරන්නට ඉඩනොදෙන ලෙසත් ජනතාවට සුබවාදී දැනෙන වෙනසක් ඇතුව ජනවාරි 8 පොරොන්දු එලෙසම ඉටු කල යුතු බවත් අමාත්‍යවරයා ජනාධිපතිවරයාටද අගමැතිවරයාට අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.


එළඹෙන 13 වනදාට පෙර කැබිනට් සංශෝධනය සිදුකර සම්මුති ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ඉන් අනතුරුව බවත් කෙසේ වුවත් එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 කණ්ඩායම සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන්ව ඇත්තේ ඔවුන් සිය අමාත්‍ය ධුර වලින් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවත් දැනගන්නට ඇත.

t

o

p