ශ්‍රීලනිප ඇමතිවරු 15ක් සහ නියෝජ්‍ය කතානායක ඉල්ලා අස්වෙති

April 11, 2018

විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ දරණ සියළු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවසරය ලැබුණු බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරියේදීද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ කටයුතු කරන බවද ඔහු කියා සිටී.

මේ සම්බන්දයෙන් ජනාධිපති නිල නිවසේ අද පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුව තුල තව දුරටත් කටයුතු කරන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් ඉදිරි මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනා බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව අද දිනයේ සිට ඇමති තනතුරු අතහරිනු ලබන ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙසේය.

දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත, අනුර ප‍්‍රියදර්ශණ යාපා, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, අනුරාධ ජයරන්ත, සුමේදා ජයසේන, සුසන්ත පුංචි නිලමේ, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක

t

o

p