තමා අත්අඩංගුවට නොගන්නැයි මහින්දානන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඉල්ලයි.

April 10, 2018

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව නීති විරෝධී ආකාරයට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා අවසර පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇති බවත් පැවසේ.

අලුත බැදපු නිසා අත්අඩංගුවට ගන්න එපා. මෙන්න අලුත් නීතියක් 

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා ඇත්තේ, තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ක්‍රීඩා අමාත්‍යාංශයට carrom board ඇතුළු ක්‍රීඩා ආම්පන්න මිලදී ගැනීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් තමා විවාහ වී පළමු සිංහල හින්දු අලුත් අවුරුද්ද බවත් එය සැමරීමට අවශ්‍ය බැවින් ඇත්අඩංගුවට නොගන්නා ලෙසය එමෙන්ම තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ ද එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවද මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අයුක්ති සහගත ලෙස තමාට අදාළ පරීක්ෂණය මෙහෙයවන බව චෝදනා කරන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ දිනවල පොලිසියේ ඉහල නිලධාරින්ට මෙන්ම ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශවය මෙන්ම රනිල් පාර්ශවය අමතමින් පවසා ඇත්තේ තමන් තමන්ගේ අලුත් බිරිද ( අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ බිරිද ) සමග ගත කරන පළමු සිංහල හින්දු අලුත් අවුරුද්ද බවත් එය සැමරීමට අවශ්‍ය බැවින් අත්අඩංගුවට නොගන්නා ලෙසය.මහජන මුදල් මහ දවාලේ කොල්ල කෑ මෙවන් බහිරවයන්ට නිතිය හරි ලෙස ක්‍රියාත්මක වන විට ඉහමොල රත් වී මාධ්‍ය ඉදිරියේ කාඩ් බෝඩ් වීරයන් වී තිරයෙන් පිටුපස රගන්නේ බයෙන් බිරාන්තව සිටින බව මෙයින් මුළු රටම දැනගෙන අවසන්ය.

මහින්දානන්ද අත්අඩංගුවට පත් වේවිද ??

t

o

p