මේ සම්බන්ධව දිගින් දිගටම එජාපෙ තුළ සාකච්ඡා සිදුව ඇති අතර එහිදී බහුතරයක අදහස වී ඇත්තේ මේ මොහොතේ ඉතාම පහත් ආකාරයට පාර්ලිම්න්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසෙමින් තිබෙන බවත් කිසිම හේතුවක් මත මේ සීමාවෙන් අඩියක් පසුපසට නොගැනීමට එජාප කණ්ඩායම පොදු එකඟතාවයක සිටිය යුතු බවත්ය.විගඩම්වලට තවත් ඉඩ දෙන්න බෑ !මේ සම්බන්ධව අප හමුවේ අදහස් දැක්වූ එජාප කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සිය සීමාව ඉක්මවා කිසිවෙකුටවත් පාලනය කරගත නොහැකි කළාපයක් වෙත අවතීර්ණ වෙමින් සිටින බවය. එසේම තම පාර්ශවය ඉල්ලා සිටින කාරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ එම තීන්දුව හකුළා ගැනීම වැරදි පුර්වාදර්ශයක් බැවින් එජාප නිල ස්ථාවරය වෙනස් නොකිරීමට තමන් තීන්දු කළ බවද ඔහු පැවසීය.

“අපි නරක දෙයක් කරලා නෑ. ඉතා සත්භාවයෙන් දිගටම කටයුතු කළා. හැකි උපරිමයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරවූවා පමණක් නොවෙයි, ඔහුව අපි ආරක්ෂා කළා. හීනියට සම්මුතිය කඩන්න ඔහු කටයුතු කරද්දී අපි නිහඬව හිටියා. අගමැතිටත් නොදන්වා ඇමතිකම් දෙනවිටත් අපි නිහඬව හිටියා. ඒත් මේ මොන හිඟන වැඩක්ද කරන්න යන්නේ. මේකට ඉඩ දෙන්න බෑ. ආණ්ඩුවට විරුද්ධ පිරිසක් එක්ක ආණ්ඩු කරන්න, බෑ.”එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.