ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකුවේ ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්

December 7, 2017

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනිම වලක්වමින් නියෝගයක් ගැනිම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල තනතුරක් දරන නිලධාරියෙකු මැදිහත්ව තිබේ.

නිති ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන ජනාධිපති කාර්යාලයට සම්බන්ධ මේ නිලධාරියා අදාළ නියෝගය අධිකරණය හරහා ලබා ගැනිමට සෘජුව කටයුතු කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ ඉහත නිලධාරියා ගැන ජනාධිපති මෛත්‍රිාපල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල සහ නිතිය සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක යන මහත්වරුන් මෙන්ම බුද්ධි අංශ ද සියළු කරුණු සැල කර තිබේ.

t

o

p