“නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් ස්ටිකර් අලවන කල්ලියක් සොයා මෙහෙයුමක්

November 1, 2017

ප්‍රසිද්ධ ස්ථානවල නවතා තැබෙන රථවාහනවල එක්තරා කණ්ඩායමක පණිවුඩය ඇතුළත් ස්ටිකරයක් අනවසරයෙන් අලවන සංවිධානයකට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
ආරක්ෂක අංශවෙත මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ “නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් සඳහන් ස්ටිකර් කොළඹ නගරයේ හා තදාසන්න නගරවල නවතා තබන වාහනවල අලවන බවට පැමිණිලි රාශියක් ලැබිමෙන් පසුවය.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට ලද පැමිණිලිවල ප්‍රසිද්ධ රථගාල් හි නවතා තබන වාහනයන්හි, මාර්ගය දෙපස නවතා තබන වාහනයන්හි මෙන්ම සුපිරි වෙළෙද සැල් හි රථගාල්වල නවතා තබන වාහනවල මෙලෙස ස්ටිකරයක් අලවන බව සඳහන්ය.
යතුරු පැදිවලින් පැමිණෙන පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ඉතා සුළු කාලයක් තුළ නවතා තිබෙන රථවාහනවල මෙම ස්ටිකරය අලවා පිටව යන බස පැමිණිලිවල වැඩිදුරටත් දැක්වේ.
මේ සියළු පැමිණිලි සැලකිල්ලට ගනිමින් “නව ව්‍යවස්ථාව එපා” ස්ටිකරය අලවා අපට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ‍පොලිසියට උපදෙස් දී තිබේ.

t

o

p