නිවාස ලේකම්වරියගේ දේශපාලන නිල් සාරිය රාජ්‍ය උත්සවයත් කැත කරයි

August 30, 2017

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභින්  1100 ක් සඳහා සැමට සෙවණ විසිරි නිවාස ණය ප්‍රදානය කිරිම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරිය තද නිල් පැහැති සාරියකින් සැරසි පැමිණ සිටිම ගැන එහි සිටි නිලධාරින්ගේ කතා බහට ලක්විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍යාංශයක ලේකම්වරියක් තද නිල් පැහැති සාරියකින් සැරසි පැමිණිම ගැන සෙසු නිලධාරින් අතරද කසු කුසුවක් ඇතිවූ බව එහි ගිය නිලධාරියෙක් පැවැසීය.

ඇයගෙන් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාරියෙක් විමසු අවස්ථාවේදි ඇය කියා ඇත්තේ අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂයට අයත් එකක් වූවත් ලේකම් පත් කරන්නේ ජනාධිපතිවරයා බැවින් තමන් නිල් පැහැති සාරියක් ඇන්ද බවයි.

Sectary-2

ලේකම්වරියගේ ක්‍රියාකලාපය ගැන සෙසු නිලධාරින් නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ද දැනුම් දි තිබේ.

ඊට අමතරව අගමැති කාර්යාලයේ නිලධාරින්ද මේ සම්බන්ධයෙන් දැනුවත් විමෙන් පසු ඔවුන් මෙම නිලධාරිනියගේ ක්‍රියාකලාපය ගැන අගමැතිවරයාද දැනුම්වත් කොට තිබේ.

t

o

p