ගෘහසේවිකාවන් ගැන සොයා බලා වගකීමෙන් කටයුතු කරනවා

June 28, 2017

කාන්තාවෝ කිහිප දෙනෙක් එකතු වෙලා කාගේ හරි අවශ්‍යතාවයකට කාගේ හරි මුදල් වියදම් කරමින් කාන්තාවන් පිටරට යවන එක නවත්වන්න කියලා උද්ඝොෂණය කරන බවත්, කාන්තාවන් පිටරට යැවීමේදී පුහුණු ශ‍්‍රමිකයින් විදියට සහ ගෘහසේවයට යන කාන්තාවන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කර ඉහළ වැටුප් ලැබෙන සුරක්ෂිත පරිසරයක රැකියාව ලබා දෙන්න උපරිම උත්සාහයක් ගන්නා බවට වගකීමෙන් සදහන් කරන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අමාත්‍යතුමිය මේ අදහස් ප‍්‍රකාශ කලේ විදේශ නියුක්ති කාර්යාංශයේදී ඊයේ (27) දින පැවත මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කලේ, ”අවුරුදු 14 ක් වැටුප් රහිතව සෞදි අරාබියාවේ අතරමංවෙලා හිටිය කාන්තාවක් අපේ කාර්යාංශයේ නිළධාරින්ගේ මැදිහත් වීමෙන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුනා. මේ ඥානප‍්‍රකාසම් ශාන්තිනී වැටුප් විදියට වැඩිම ප‍්‍රමාණයක් මුදල් අරගෙන මෙරටට ආව කාන්තාව විදියට පත් වෙනවා. ඇය මඩකලපුවේ එරාවූර් ප‍්‍රදේශයේ 1986 ජන්මලාභය ලබපු කෙනෙක් ඇය අවුරුදු 14 පමණ විදේශ ගත වෙලා තියෙනවා. ඇය අතරමං වෙලා, වැටුප් ලැබිලත් නැහැ, නොයෙකුත් විදියේ කරදර වලට මුහුණ දීලා තියෙනවා. ආපහු ඒමේ බලාපොරොත්තුවක් ඇයට කිබුනද කියලාත් විශ්වාස කරනන් අපහසුයි. මේ වගේ තොරතුරු අපිට පැමිණිලි මාර්ගයෙන් ලැබෙනවා. කරපු පැමිණිලි විභාග වන අවස්ථාවලදී ලැබෙනවා.ඒ වගේ තොරතුරු ලැබුණු කෙනෙක් විදියට සෞදි තනාපති කර්යාලයේ කම්කරු අංශයේ නිළධාරීන්ගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ගේ මැදිහත් වීම නිසයි ඇයව ආපහු මේ රටට ගෙන්වා ගන්න පුලූවන් වුනේ. තනාපති කර්යාලයේ නිළධාරීන් ඇයව එහේ රදවා තියාගෙන ඇයට හිමි විය යුතු වැටුප වන පනස් ලක්ෂ එක්දහස් පන්සියයක මුදලක් ලබා දීලා ඇයව මේ රටට එව්වේ.
මේ රජය පත් වීමෙන් පසුව විදෙස් ගත වන කාන්තාවන් පිළිබදව උවමනාවෙන් සොයා බලා වගකීමෙන් කටයුතු කරන කාර්යංශයක් බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පත් වෙලා තියනවා. පහුගිය කාලේ නොතිබුණු තත්වයක් දැන් ඇති වෙලා තියනවා ඒ තමයි කාන්තාවෝ කිහිප දෙනෙක් එකතු වෙලා කාගේ හරි අවශ්‍යතාවයකට කාගේ හරි මුදල් වියදම් කරමින් කිහිප දෙනෙක් එකතු කරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට කාන්තාවන් පිටරට යවන එක නවත්වන්න කියලා උද්ඝොෂණය කරන්න, පෙත්සම් අත්සන් කරන්න පටන් අරන් තියනව. ඒ අයට දෙන්න තියන පණිවිඩය තමයි අපි විදේශ ගත කිරීම සම්බන්ධව නොයෙකුත් විදියේ වෙනස්කම් කරලා තියනවා. පහුගිය කාලේ මේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වුනේ පිටරට ශ‍්‍රමිකයන් යවලා ලබන ආදායම. අද යහපාලන රජය මගින් ලැබිලා තියන නිදහස උපයෝගී කරගෙන ඒ වසර 35 කාන්තාවෝ පිටරට ගිය එක අමතක කරලා නොයෙකුත් මත රටේ හදන්න හදනවා. ඒ වගේම එය රටේ එකම වැඩිම අදායම බවට පත් කලේ පහුගිය අවුරුදු 10 ඇතුලත කියලා අපි ඒ අයට මතක් කරලා දෙනවා. අපි වගකීමෙන් කියනවා කාන්තාවෝ පිටරට යැවීමේදී පුහුණු ශ‍්‍රමිකයින් විදියට සහ ගෘහසේවයට යන කාන්තාවන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය වැඩිදියුණු කරලා ඉහළ වැටුප් ලැබෙන සුරක්ෂිත පරිසරයක රැකියාව ලබා දෙන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා.
මේ රජය පත්වන අවස්ථාව වන විට තානාපති කාර්යාල වල සුරක්ෂා නිවාස වල විශාල කාන්තාවන් ප‍්‍රමාණයක් සිටියා. අපේ නිළධාරීන්ගේ මැදිහත් වීම තුලින් ඒ අයව මෙරටට ගෙන්වා ගන්න පුලූවන් වුනා. ඒ අයට වන්දි ලබා දිය යුතු අවස්ථා වල වන්දි ලබා දුන්නා. මරණ දඩුවම ලබා දීලා තිබුණු කාන්තාවෝ බේරා ගත්තා. ඔවුන්ට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරලා දීලා තියනවා. ඉදිරියේදී තවත් අලූත් රටවල් වලින් ශ‍්‍රමික වෙළදපලවල් ලැබෙනකොට මේ තත්වය වෙනස් වෙන්නත් ඉඩ තියනවා.
මේ නිශාන්තිනීලා වගේ අය මීට අවුරුදු 15 කට පමණ කලින් විදේශ ගත වෙලා තියෙන්නේ මේ රටේ ඒ අවස්ථාවේ තිබුණු වාතාවරණය අනුවයි. සමහර අයට මරණ දඩුවමට මුහුණ දෙන්න වුනෙත් නීත්‍යාණුකූල නොවන විදියට මේ රටින් පිටවුනු නිසයි. අපි හාමෝම දැනුවත් කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නැතුව නීත්‍යාණුකූල නොවන විදියට පිටරට යනවා නම් අපිටත් වගකීමක් තියනවා, ඒ අයගේ ආරක්ෂාවත් තහවුරු වෙනවා.විවිධ ආර්ථික ප‍්‍රශ්න තියන නිසා පිටරට රැකියා සදහා යන්නේ වෙනත් තමන් නොදන්නා පරිසරයකට නොදන්නා සංස්කෘතියකට යන්නේ ඒ බව අවබෝධ කරගෙන යනවා නම් හොදයි කියලා තමයි මට කියන්න තියෙන්නේ යනුවෙන් අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

t

o

p