පළාත් පාලන ඡන්දයේ අපේක්ෂක ඇපය රු.2500යි

June 21, 2017

පළාත් පාලන මැතිවරණයේදි දේශපාලන පක්ෂයක් විසින් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් පන්දහසේ සිට රුපියල් දෙදහස් පන්දීයය දක්වා අඩු කිරිම ඇතුළු වගන්ති 28 ක සංශෝධන ඇතුළත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සංශෝධනයන්ට අනුව ස්වාධින කණ්ඩායමක් විසින් මැතිවරණයට ඉදිරිපත් කරන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කරන ඇප මුදල ද රුපියල් 25000 සිට රුපියල් 5000 දක්වා අඩු වෙනු ඇත.
තවද පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාවෙන් සියයට තිහක් තරුණ අපේක්ෂකයන් විය යුතු බවද දක්වා තිබේ. දැනට එම ප්‍රතිශතය 25% කි. නව සංශෝධනය ප්‍රකාරව තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව 30% වඩා අඩුවුවහොත් එකී නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වනු ඇත.
මේවන විට පවතින නිතිය අනුව යම් අපේක්ෂකයෙකු මියගියහොත් ඇතිවන පුරප්පාඩුවට නාමයෝජනා පත්‍රයේ සිටින දෙවැන්නා පත්විය යුතුය. නමුත් නව සංශෝධනය අනුව නාම යෝජනා පත්‍රයේ දෙවන ස්ථානයේ සිටින තැනැත්තා සතුව තිබු එම බලය ඉවත්වේ. එම බලය පක්ෂයට හිමිවනු ඇත.
නව සංශෝධනයන්ට අනුව පළාත් පාලන ඡන්දය සඳහා එක් ස්වාධීන කණ්ඩායමකට වඩා තරඟ කරන අවස්ථාවකදී ස්වාධීන කණ්ඩායමක් සඳහා නිශ්චිත අංකයක් ද ලබා දෙයි.

t

o

p