විදේශ ඇමැති රවීට ලොතරැයියත් පවරයි

June 11, 2017

රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය සතුව මතෛක් පැවැති ආයතනවලට අමතරව එම නව ආයතන දෙකද ඇතුළත් කර ඇත.
එමෙන්ම මෙම නව ආයතන ගැසට් කිරීම යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇත. එම ආයතන තුන මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවැතිණි.
ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හා මිලෝදා ආයතනය සංවර්ධන කාර්යභාර අමාත්‍යංශය යටතට ගැසට් කර ඇත. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කලින් අගමැතිවරයා යටතේ පැවැති ආයතනයකි.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ආයතන 33ක් ගැසට් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයට ආයතන 5ක්ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට ආයතන 8ක්, සංවර්ධන කාර්යභාර අමාත්‍යංශයට ආයතන 3ක්ද අයත් වේ. ඊට අමතරව කන්ත‍ලේ සීනි සමාගමද ඇතුළත් කරමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 8ක් අයත්ව ඇත.

t

o

p