2020 න් පසු ලංකාව තුළ දුම්කොළ වගා කිරීම සම්පුර්ණයෙන් තහනම්

June 7, 2017

රටතුළ දුම්කොළ වගා කිරිම 2020 වන විට සම්පූර්ණයෙන්ම තහනම් කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (07) ප්‍රකාශ කළේය.
වසරකට පුද්ගලයන් විසි පන්දහසක් දුම්බිම නිසා මිය යන බවද කී ඇමතිවරයා ඉන් සියයට 25 ක්, එනම් 6250 ක් දරුවන් බවද කීවේය.
වැඩිහිටියන් දුම්වැටි පානය කරද්දි එම දුම අඝ්‍රාණය කිරිම නිසා දරුවන් මෙසේ මරණයට පත්ව ඇති බවත් පසැල් සහ ශිෂ්‍යයන් ගැවසෙන මීටර 500 ක් තුළ දුම්වැටි විකිණිම තහනම් කර ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම මීටර් 500 ක සිමාව මීටර් 100 දක්වා අඩු කිරිමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමති සේනාරත්න මහතා සිගරට් පැකැට්ටුවක සියයට 50 ප්‍රමාණයක් රූපමය අවවාද ප්‍රදර්ශනය කිරිමට සහ ඉතිරි සියයට 20 ක ප්‍රමාණය තුළත් සමාගමේ නම හැර වෙනත් කිසිවක් සටහන් කිරිම තහනම් කරන බවද ප්‍රකාශ කළේය.
මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමතිවරයා මේ බව කීවේය.
ප්‍රභාකරන් හා සමාන බරපතලම ත්‍රස්තවාදියා වන්නේ දුම්කොළ සමාගම් බවත් සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා දුම්කොළ සමාගම් දිගට හරහා අනුග්‍රහය දක්වන බවත් පැවසු මන්ත්‍රීවරයා එය නිති විරෝධි කටයුත්තක් යැයිද පැවසුවේය.
සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා මත්පැන් සහ දුම්වැටි සමාගම් විසින් අනුග්‍රහය දැක්වීම නිති විරෝධි බැවින් එවන් ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ඇත්නම් තමන් වෙත ලබා දෙන ලෙසද සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියේය.

t

o

p