ප්‍රබල ගංවතුර නවත්වන්න රජයට නව යෝජනාවක්

June 7, 2017

දකුණු පළාතේත්, රත්නපුර දිස්ත්‍රික්කයේත් වරින් වර ඇති වන ප්‍රබල ගංවතුර ව්‍යසනය වළක්වා ගැනිම සඳහා ප්‍රධාන ගංගා කිහිපයක් හරස් කර ජලාශ ඉදි කළ යුතු බවට රජයට යෝජනා ඉදිරිපත් කර තිබේ.
නිල්වලා, කලු සහ ගිං යන ප්‍රධාන ගංගා හරස් කර වේලි ඉදිකිරිමෙන් පසුව ඉහත ජලාශ තැනිය යුතු බව රජයට ඉදිරිපත් කළ යෝජනාවල වැඩිදුරටත් සඳහන්වේ.
මේ පියවර ක්‍රියාත්මක කිරිමේදි ඇතැම් ප්‍රදේශවල ගම්මාන ජලයෙන් යටවිය හැකි බවද අදාළ සැලසුම් ඉදිරිපත් කළ ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ රජයට කරුණු වාර්තා කර සිටියි.
මහවැලි යෝජනා ක්‍රමය ඉදිකිරිමේදි රජ මහ විහාර පහක් ඇතුළුව වෙහෙර විහාරද පවුල් 30000 කගේ නිවෙස් ද ජලයෙන් යටවුව ද ඒ ව්‍යාපාරය නිසා රජරට ඇතුළු ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයේ අඩකට පමන සෙත සැලසුණු බව ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් රජයට කරුණු දැක්වූ වාර්තාවේ දැක්වේ.

t

o

p