පාහියංගල ලෙන ආරක්ෂාවට විදේශ විශේෂඥයන් ගෙන්වන්නේ බහුවිෂය වාර්තාවෙන් පසුව

June 6, 2017

පාහියංගල ලෙන් පිහිටි භූමිය නාය යාමේ තර්ජනයකට ලක්ව ඇති බවට ප්‍රකාශ වූ ස්ථාන සංරක්ෂණය කිරිමේ කටයුතු ඊට අදාළව කැදවූ බහුවිෂය වාර්තාව ලැබිමෙන් පසු ගන්නා බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.
එම වාර්තාවේ නිර්දේශ මත විදේශ විශේෂඥයන් ගෙන්වන්නේද නැද්ද යන්න පිළිබඳව තිරණයක් ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
ප්‍රාග් ඓතිහාසික භුමියක් වන පාහියංගල ලෙන් පිහිටි භූමිය මේ වන විට නාය යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. මේ භුමිය සංරක්ෂණය කිරිම සඳහා විදේශිය තාක්ෂණය හෝ යොදා ගන්නා ලෙස මන්ත්‍රීරයා ඉල්ලා සිටියේය. වසර 50000 කට පෙර විසු මානවයා සම්බන්ධයෙන් මෙහි වාර්තා සඳහන් වන නිසා එම ප්‍රදේශය නාය ගියහොත් භූමියේ ඇති පුරා විද්‍යා සාධක සියල්ල විනාශ වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දුන් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් සමඟ එම ප්‍රදේශවලට ගොස් සොයා බැලූවා. ඉන් පසුව එම ස්ථානය සම්බන්ධයෙන් බහුවිෂය වාර්තාවක් කැදවා තිබෙනවා.
වසර 40000 ක් පමණ පැරණි මානවයාගේ ඇටසැකිලි මෙම ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. ඒවා සංරක්ෂණය කිරිම සම්බන්ධයෙන් වාර්තව ලද පසු තිරණයක් ගන්නවා. එම ස්ථානය අවට වැඩවාසය කරන ස්වාමින්වහන්සේලාට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. එම හිමිවරුන්ට අප අවශ්‍ය නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදිමට කටයුතු කරනවා.
කෙසේ නමුත් කැදවා ඇති බහුවිෂය වාර්තාව ලද පසු එහි නිර්දේශ අනුව යමින් විදේශිය විශේෂඥයන් ගෙන්වනවාද නැතිද යන්න තිරණයක් ගන්නවා.

t

o

p