ජන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත ව්‍යවස්ථාවට පටහැනි නෑ

June 6, 2017

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (06) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි දිනයට නියමිත නිවේදන ප්‍රකාශයට පත් කරමින් කතානායකවරයා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිමේ (විශේෂ විධිවිධාන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි.  ”අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ තැනැත්තා” යන්නෙහි නිර්වචනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් පරිදි සංශෝධනය කළ යුතු බවට තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

t

o

p