ඇමතිවරුන්ගේ වාහන පිළිබඳ වාර්තාව ලැබෙන තෙක් නව වාහන මිලදී ගැනීම නවතී

May 24, 2017

රජයේ ඇමතිවරුන් මේ වන විට භාවිතා කරන වාහන පිළිබඳ වාර්තාවක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අය වැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.  එතෙක් ඇමතිවරුන්ට නව වාහන මිලදි ගැනිම නැවතීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතා ඊයේ (23) මේ බව කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබා ගැනිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය පසුගියදා හිමිවූ අතර රජයේ මුදල් කාරක සභාව මගින් එය අත්හිටුවාහ ඇත.
2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා රජයේ ඇමතිවරුන් ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව හා ඒවායේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රාජ්‍ය අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දුන් බව සුමන්තිරන් මහතා කීවේය.
අය වැය දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තෙක් ඇමතිවරුන්ට වාහන මිලදි ගැනිම නවතන ලෙස දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා කීවේය.

t

o

p