බ්‍රසිල හා ඇමරිකා තානාපති කාර්යාල මිලදී ගැනීම සොයන්න විශේෂ කාරක සභාවක්

May 24, 2017

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා ගොඩනැගිලි මිලදී ගැනිමට දරන ලද වියදම් පිළිබඳ සොයා බලා වාර්තා කිරිම සඳහා කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ කාරක සභාවක් පත් කරන ලදි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පත් කර ඇත. බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපද නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා ස්ථාන මිලදි ගැනිමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම කොපමණදැයි මෙම කාරක සභාව විසින් සොයා බලා වාර්තා කළ යුතුය.
මෙම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ලක්ෂ්මන් සෙනවිරත්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, අනුර සිඩ්නි ජයරත්න, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, විදුර වික්‍රමනායක, ඊ සරවනපවන්, නලින් බණ්ඩාර ජයමහ, හෙක්ටර් අප්පුහාමි, ඒ. අරවින්ද් කුමාර්, ආනන්ද අලූත්ගමගේ, මහාචාර්ය අශු මාරසිංහ, වෛද්‍ය තුසිතා විජේමාන්න,  ඥානමුත්තු ශ්‍රීනේෂ්න්, සන්දිත් සමරසිංහ, වෛද්‍ය එස්. සිවමෝහන් යන මන්ත්‍රීවරු පත් කර ඇත.

t

o

p