සංගා පලමු පෙළ තරඟවලිනුත් සමු ගන්න තීරණය කරයි

May 24, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමුපෙල තරග වලින් සමුගන්නට තීරණය කර ඇත. ඒ අනුව දැනට ක්‍රීඩාකරන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්  තරඟාවලියෙන් අනතුරුව සැප්තැම්බරයේ පළමුපෙල තරග වලින් සමුගැනීමට නියමිතය.

2000 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. එම කාලය තුල ටෙස්ට් තරග 134කදී ලකුණු 12400ක්ද එක්දින තරග 404 කදී ලකුණු 14234 ක්ද ලබාගැනීමට කුමාර සංගක්කාර සමත්විය.

පසුගියදා පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී  සංගක්කාර මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 114ක් ලැබූ සංගක්කාර තරගයේ තෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

මෙම තරගයේදී සංගක්කාර සිය පළමු පෙළ තරගවලදී ලකුණු 20,000 සීමාව පසු කිරීමටද සමත් විය.

t

o

p