ජාතිවාදී හා ආගම්වාදි ක්‍රියාවන් මර්ධනයේ වගකීම ප්‍රදේශයේ ඕ.අයි.සී ලාට

May 24, 2017

ජාතිවාදි හා ආගම්වාදය මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල කරන නොයෙක් ක්‍රියාවන් මැඩපැවැත්වීමේ වගකිම හා බලය ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත.
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ජාතිවාදි හෝ ආගම්වාදි කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත නොකරන බවත් අගමැතිවරයා , ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මෙවන් තිරණයකට එලැó බවත් ඇමතිවරයා කීවේය.
රටේ නිතීය කිසිදු බේදයකින් තොරව සැමට එකසේ ක්‍රියාත්සමක කිරිමට ද රජය තීරණය කර ඇතැයි ද හෙතම ප්‍රකාශ කළේය.

t

o

p