පිළියන්දලදී වෙඩි තැබූ පුද්ගලයෝ ඉන්දියාවට පලා යති ; පොලිස් ඔත්තුකරුත් පැන ගිහින්

May 24, 2017

පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මේ වන විට බෝට්ටු මගින් චෙන්නායි නුවරට පළාගොස් ඇති බව නිතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය.
මෙම පිරිස තලෙයිමන්නාරමට ගොස් එහි සිට බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට හෙළිදරව් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේද කලූතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා රැදවියන් ඝාතනය කිරිමේ සිද්ධියත් මෙහෙයවූ දැනට ඩුබායි හි පදිංචිවී සිටින මාතර මධුෂ් නැමැත්තා විසින් බවට ද අනාවරණය වී ඇතැයි ඇමතිවරයා කීවේය.
සමරවීර ආරච්චිගේ මධූෂ් හෙවත් මාතර මධුෂ් නැමැත්තා ඩුබායිහි පදිංචිව සිටින මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව ප්‍රකාශ කළ ඇමතිවරයා පිළියන්දල වෙඩි තැබිමේ සිද්ධිය පිළිබඳ තමන් අතිශයින් කණගාටුවන බවද පැවසීය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකශ කළේ පිළියන්දල වෙඩි තැබිමේ සිද්ධිය සඳහා යොදාගත් යතුරු පැදිය මිළදි ගෙන තිබෙන්නේ ඝාතනයට පැය තුනකට පමණ පෙර බවය.
මෙම වෙඩි තැබීම කළ සැකකරුවන් මන්නාරම මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පැනගොස් ඇති බවත් පොලිසියට ඔත්තු ලබා දෙන ඔත්තුකරුද ඔවුන් සමඟ ඉන්දියාවට පැනගොස් ඇති බවට සොයා ගෙන ඇති බවත් ඇමති රත්නායක මහතා පැවසීය.
අදාළ වටලීම සම්බන්ධයෙන් තමා වාර්තාවක් ඉල්ලා සිටි බව කී ඇමතිවරයා මෙැවනි වැටලීමකට ගියේ බුද්ධි තොරතුරු සහාය කණ්ඩායම් නිසි ලෙස සොයා ගෙනද යන්න තමා විමසා බැලූ බවද කීවේය. දක්ෂ පොලිස් නිලධාරින්ට අහිංසක දරුවන් තිදෙනෙකුට වෙඩි වැදුන බවත් එක් දරුවෙකු මරණයට පත්වූ බවත් ඇමතිවරයා පැවසූවේය.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් අංශය එක් පරික්ෂණයක් කරනවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවත් පරික්ෂණයක් කරනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

t

o

p