රට වෙනුවෙන් දේශීය විදේශීය වශයෙන් පුළුල් වගකීමක් පැවරී තියෙනවා

May 23, 2017

රවී කරුණානායක මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ඉන් අනතුරුව ඒ මහතා පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතයි.

වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙහි දී රවී කරුණානායක අමාත්‍යවරයා ස්තුතිය පිරිනමනු ලැබීය.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ රටේ මුදල් අමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් ශක්තිමත් මෙහෙවරක් කිරීමට තමාට හැකි වූ බවයි. නව අමාත්‍යාංශය හරහා රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

Ravi-Final-day1

t

o

p