විදෙස් කටයුතු වලට අමතරව රවීට තවත් ආයතන රැසක්

May 23, 2017

විදේශ කටයුතු නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට, මෙතෙක් විදේශ අමාත්‍යංශය යටතේ නොතිබූ ආයතන රැසක් භාරදීමට නියමිතව ඇත.
ඊට අමතරව විදේශ අමාත්‍යංශය යටතේ තිබූ සියලු ම ආයතන අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ ගැසට් කෙරෙයි.
මුදල් අමාත්‍යංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට අයත්ව තිබූ මහ‍පොළ භාරකාර අරමුදල, මෙලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ගැසට් කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආර්ථික දැක්මක් සහිතව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගෙන ඇති තීරණයට අනුව, මුළු රටට ම බලපාන ජාතික මට්ටමේ ‍ලේකම් කාර්යාලයක් හා අරමුදලක් ද අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ ආරම්භ කෙරෙයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ දැනට පවතින වැවිලි ක්‍ෂේත්‍රයේ ආයතන ද රවී කරුණානායක මහතා යටතට පත් කෙරෙන අතර ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම ද පත් කෙරෙන්නේ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට ය.

t

o

p