රවී මෑත කාලයේ පත් වූ දක්ෂම මුදල් ඇමතිවරයෙක්

May 21, 2017

අමාරු අවස්ථාවේදි වගකීම් භාර ගෙන එය නිසි ලෙස ඉටු කළ රවි කරුණානායක මහතා මෑත කාලයේ පත් වූ දක්ෂ මුදල් ඇමතිවරයෙකු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවින් දිසානායක මහතා මේ බව කීවේය. මුදල් අමාත්‍යධූරයේ වෙනසක් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදු වන්නේදැයි මාධ්‍යවේදියා විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේද කීය.
රවි කරුණානායක මහතාට මුදල් ඇමතිධූරය භාර ගන්න සිදූ වූයේ ඉතාම අසීරු අවස්ථාවකදීයි. ඔහු එම අවස්ථාවේ තම වගකිම් නොපිරි හෙළා ඉටු කළ සාර්ථක මුදල් අමාත්‍යවරයෙකු ලෙස හැදින්විය හැකියි.
මෑත කාලයේ පත්වුන හොද මුදල් ඇමතිවරයෙකු ලෙස රවි කරුණානායක මහතා හදුන්වන්න පුළුවන්. ඒ නිසා මුදල් අමාත්‍යධූරයේ වෙනසක් කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ.

t

o

p