පන්සියයක් මහා සංඝරත්ණය වැඩමකල මහනිසංශ පිණ්ඩපාත චාරිකාව

May 12, 2017

2561 ශ්‍රී සංබුද්ධ වෙසක් තෙමගුල සමරණ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් වැඩසටහනට සමගාමිව දියවන්නා වෙසක් කලාපයේ දෙවන දින ප්‍රමුක පිංකම වූ පන්සියනමක් අතිගෞරවණිය මහා සංඝරත්ණය පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිට කථානායක  නිලනිවස දක්වා පිණ්ඩපාත චාරිකාවේ වැඩමවීම 11 දින උදෑසන 10.15ට සිදු කෙරිණ.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් වැඩමකළ මහා සංඝරත්ණය කථානායක කරු ජයසුරිය මහතා විසින් ගෞරව බහුමාණයෙන් පිළිගනු ලැබිණි. ඉතා අලංකාර දර්ශණයකින් යුතු මහා පිණ්ඩපාත චාරිකාව අවසානයේ පන්සීය නමක් මහා සංඝරත්ණය උදෙසා කථානායක නිල නිවසේදී දක්ෂිණාවක් පුජ කෙරිණ
මෙම අවස්ථාවට  මෙම අවස්ථාවට සියම් මහා නිකායේ  කෝට්ටේ පාර්ශවයේ මහනායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි අමරපුර ධම්මරඛ්කිත නිකායේ අනුනායක වටගෙදර විමල බුද්ධි හිමි බෙල්ලන්විල රාජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ශාන්ති පදනමේ අනුශාසක  කොටපොල අමරකිත්ති අනුනායක හිමි  ඇතුළු මහා සංඝරත්නය වැඩමකරන ලදී.
pindapatha-Charika

t

o

p