එජාපයෙන් අද නව තනතුරු නෑ

May 8, 2017

එක්සත් ජාතික පක්ෂය සඳහා නව තනතුර කිසිවක් අද (8) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් නොකෙරෙන බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කළේය.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂය සඳහා මෙම රැස්වීමේදී සහකාර නායකයන් තිදෙනකු පත්කිරීමට නියමිත බවත්, සරත් ෆොන්සේකා, මංගල සමරවීර හා රවී කරුණානායක යන මහත්වරු එම තනතුරුවලට පත් කරන බවටත් ඇතැම් මාධ්‍යවල හා සමාජජාල වබේ අඩවිවල තොරතුරු පළවී ඇත. එහෙත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමක් මිස එහිදී නව තනතුරු පත්කිරීමක් නොකෙරෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර පක්ෂය අනාගත පරපුරට භාරදීමේදී, කිසියම් අයකුට වගකීමක් පැවැරීමේදී වෙනත් අයකු පක්ෂය හැර යාමට කටයුතු කරන්නේ නම්, එවැනි අයට ඒ සඳහා පූර්ණ නිදහස ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ප්‍රකාශ කළේය.
සුදුස්සන්ට වගකීම් දෙන අවස්ථාවක තවකෙකු ඊට එකඟ නොවෙනවා නම් ඒ අයට පක්ෂය හැර දමා යා හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

t

o

p