ආසියානු සංවර්ධන බැංකුවේ පනස් වැනි වාර්ෂික සමුළුව ඇරැඹේයි

May 4, 2017

ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හි දී අද (04) ආරම්භ විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති. සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

මෙවර සමුළුවේ දී වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ තිරසාර සංවර්ධනයක් සඳහා වන කලාපීය වර්ධනය පිළිබඳවයි. මේ යටතේ වෙළෙඳ, ආයෝජන සහ මූල්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටෙකෙහිකෝ නකාඕ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සමුළුව ලබන 7 වැනිදා දක්වා පැවැත්වේ.

t

o

p