FCID යේ ඉහළම නිලධාරීයෙකු ගැන පරීක්ෂණයක්

May 4, 2017

මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID) ඉහළම නිලධාරියෙකුගේ මෑත කාලීන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ දෙකක් ආරම්භ වී ඇත.
ඉහත පරික්ෂන දෙක ආරම්භ කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ලැබුණු පැමිණිලි රැසක් මුල්කර ගෙනය.
පොලිස්පතිවරයාගේ මුලිකත්වයෙන් කෙරෙන පරික්ෂණයේදි ප්‍රධාන වශයෙන්ම මුල්‍ය අපරාධ කොට්ඨාශයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වගකිම යුත්තෙකු කිසිදු ප්‍රකාශයක් නොකිරිම පිළිබඳව විමසා බැලේ.
පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පරික්ෂණ අජපන කිරිම ක්‍රියාත්මක වී ඇතැයි කියන ප්‍රබල බලපෑමක් සම්බන්ධයෙන් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පරික්ෂණය මගින් තොරතුරු අනාවරණය කර ගැනිමට නියමිතය.
මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහළ නිලධාරියා ගැන කරන පරික්ෂණ වාර්තාව දින 15 ක් ඇතුළත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.

t

o

p