මේ වසර තුළදී විදෙස් සංචිත ඩොලර් බිලියන 10 තෙක් වැඩිකර ගන්න සැලසුම්

May 1, 2017

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත වටිනාකම 2017 වසර අවසාන වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
පසුගිය දෙසැම්බර් මාසය වන විට ඩොලර් මිලියන 6,200ක් ව තිබුණු විදෙස් සංචිත මාර්තු මාසයේදී 5300 දක්වා අඩු වූ නමුත් මම වසර අවසානයේය. වැඩි කර ගැනීමට කටයුතු යොදන බව මුල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවැසීය. “ටෙම්පල්ටන් ෆන්ඩ් එක 2013 විතර සියයට 14.85ක ස්ථීර ‍පොලියකට මේ රටට ගෙන්න ගත්තා. ඊට පස්සේ යන්න පටන් ගත්තේ දේශපාලන හුවමාරුවක් තුළින්. ඒ ගොල්ලෝ හිතුවා මේකේ එළියට යෑමෙන් අපේ ආර්ථිකයට අවහිරතාවයක් ඇති වෙයි කියලා. නමුත් ඒ ගොල්ලෝ දරන දැන ගත්තේ නැහැ. අපිත් සූදානමින් හිටියා. ඒ සියලු සල්ලි ගත්තට පස්සෙත් අද විදෙස් ආයෝජනවල ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම වෙන්න බැහැ. වත්මන් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රජයට ප්‍රතිලාභ ලෙස තමයි ඔය ආයෝජන එන්න පටන් අරන් තියෙන්නේ.” “ඩොලර් බිලියන 5.3ක් අද තියෙන සංචිත ප්‍රමාණය, අපි විශ්වාස කරනවා. රටට එන ආයෝජන තුළිනුත් එන ජාත්‍යන්තර බැඳුම්කර තුළිනුත් ලංකාවට එන අනෙක් සල්ලි ඒ කියන්නේ හම්බන්තොට වරාය, ඒකෙන් එන සල්ලි තුළිනුත් අවුරුද්ද අග වෙනකොට අද තනි ඉලක්කම දහස් ගණනක තියෙන අගය දසදහස් ගණනකට වැඩිවෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තමයි අපි ඇස්තමේන්තු කරන්නේ.”

t

o

p