මත්පැන් සමාගම් වලට මින් පසු බදු සහන නෑ

April 28, 2017

සුරා බදු අඥා පනත යටතේ මත්පැන් සමාගම් සඳහා බදු සහන ලබාදීම වලක්වන ලෙස මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කර තිබේ.
මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව නිර්දේශ කර ඇත.
සුරාබදු ආඥා පනත යටතේ මත්පැන් නිෂ්පාදන සමාගම් 23 කට පමණක් සහන දෙන බව මෙම වාර්තාව මගින් සිය කමිටුව පෙන්වා දෙන බව එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
සමාගම් 23 කට පමණක් බදු සහන දුන්නද බදු සහන ලබා ගැනිමේ සුදුසුකම් සපුරා ඇති තවත් සමාගම් 100 ක් පමණ පවතින බවද සුමන්තිරන් මහතා කීවේය. එම නිසා කිසිදු සමාගමකට බදු සහන ලබා නොදෙන ලෙස ආංශික අධික්ෂණ කාරක සභාව නිර්දේශ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

t

o

p