විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

April 27, 2017

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අනුර විජේපාල මහතා සියධුරයෙන් ඉල්ලා අස්විම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා වෙත ඊයේ (26) පස්වරුවේ භාරදෙන ලදි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්විමට තීරණය කිරිමට හේතුපාදක වූ කරුණු ලෙස දක්වා ඇත්තේ මේ දිනවල ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තිය සමිති අතර පවතින ගැටලු හමුවේ මෙම කරුණු විසදීම සදහා අමාත්‍යාංශය නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දි ගනු ලැබු තින්දු තිරණ ක්‍රියාත්මක කිරිමට අපොහොසත් විමයි.

දශක ගනනාවකට පසු මෙරට විදුලිබල ක්‍ෂේත්‍රය විශාල අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවකදි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහල කළමණාකාරිත්වය හා අමාත්‍යතුමන්ලා නියෝජ්‍ය අමාත්‍යතුමන් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු අනෙකුත් අදාල නිලධාරින් සතිපතා රැස්වෙමින් සාමුහික තින්දු තිරණ ගන්නා අතර, ජාතිකමය වශයෙන් හා ආයතනික වශයෙන් එහි උන්නතිය තහවුරු කිරිමට කටයුතු කර ඇත.

අනුර විජේපාල මහතා පසුගිය වර්ෂයේ මාර්තු මාසයේදීද සිය ඉල්ලා අස්විම ප්‍රකාශ කළ අතර, ඉන් ඉක්බිතිව නැවත වරක් ඉල්ලා අස්විම භාර දි ඇති බැවින් සහ ඉල්ලා අස්විමේ ලිපිය මඟින් දක්වා ඇති කරුණු සැළකිල්ලට ගෙන එය භාර ගැනිමට ගරු අමාත්‍යවරයා තීරණය කර ඇත.

ඒ අනුව මේ අවස්ථාවේ පවතින තීරණ ගැනිමේ හා තීරණ ක්‍රියාත්මක කිරිමේ අත්‍යවශ්‍යතාවය හා ජාතික වැදගත්කම හේතුවෙන් පවතින තත්ත්වය සළකා බලා ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ උපදේශක, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ශ්‍රි ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඩබ්.බී. ගනේගල මහතා වහාම පත් කිරිමට ගරු අමාත්‍යතුමා තිරණය කර ඇත.

t

o

p