එජාප මැයි රැළියට කිසිදු රාජ්‍ය සම්පත් හෝ දේපලක් යොදා ගන්න එපා – අගමැති රනිල්

April 26, 2017

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය සඳහා කිසිදු රාජ්‍ය දේපලක්, රජයට අයත් සම්පත් හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙක් යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව මැයි දිනයට අදාළව ආසන මට්ටමෙන් කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් යොදා ගැනිම සපුරා තහනම් වේ.
එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාලිය හා රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදි පැවැත්වෙන්නේ දිනන ජනතාවගේ මැයි දිනය යන තේමා පාඨය යටතේය.
එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති, ජාතික යොවුන් පෙරමුණ, එක්සත් ලක් වනිතා සංවිධානය, වෘත්තීයවේදින්ගේ සංවිධාන, බහුජන බලවේග යන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදි පැවැත්වීම විශේෂත්වයක් බව සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින රැළියට ලක්ෂ එකහමාරක ජනතාවක් සහභාග කර ගැනීමට කටයුතු කළද එය ලක්ෂ 3 ඉක්මවනු ඇති බවත් කොළඹ නගරයේ වැඩිම ජන සහභාගීතවයකින් පැවැත්වෙන මැයි දින රැළිය මෙය බවත් සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කීවේය.

t

o

p