සුපිරි පිතිකරු ක්‍රිස් ගේල්ගෙන් තවත් වාර්තාක්

April 19, 2017

පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක‍්‍රීඩකයා ලෙස ප්‍රවේග කාරි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්  වාර්තා පොත් අතරට එක් විය.

ඊයේ පැවති අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 44ක දී ලකුණු 72ක් රැස් කිරීමත් සමඟ මෙම වාර්තාව ක්‍රිස් ගේල්ට් හිමිවිය.

2005 වසරේ සිට තරඟ 290කට ක්‍රිඩා කර ලකුණු 10074 ක් ලබා ඇති ගේල් වැඩිම ලකුණු ලෙස නොදැවී ලකුණු 175 රැස් කර ගැනීමට සමත් වී තිබේ. මෙයට ශතක 18ක් අර්ධ ශතක 79ක් ද ඇතුලත්ය.

ක‍්‍රිස් ගේල් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 743ක් වන අතර හතරේ පහර 769ක් එල්ල කර තිබේ.

t

o

p