ශ්‍රි ලංකාව හා වියට්නාමය අතර නව අවබෝධතා ගිවිසුම් දෙකක්

April 17, 2017

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට 17 වන දා පෙවරුවේ අත්සන් තැබිණි.

“2017 – 2019 වසර සඳහා කෘෂිකාර්මික සංවර්ධන සහයෝගීතාවය සඳහා වූ ක්‍රියාකාරී සැලසුම” පිළිබඳ ගිවිසුම වියට්නාම් කෘෂිකර්ම අමාත්‍ය චඕ ඩුච් ෆට් (Cao Duc Phat) මහතා විසින් ද, අධ්‍යාපන සහයෝගීතාවය සඳහා වූ ගිවිසුම වියට්නාම් අධ්‍යාපන අමාත්‍ය ෆම් වු ලූවන් (Pham Vu Luan) මහතා විසින් ද අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන ලද්දේ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය විසිනි.

වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ද, දෙරටේ අමාත්‍යවරු සහ නිලධාරීහු ද මේ අවස්ථාවට එක් වූහ.

viyatnam-SL1

t

o

p