මුම්බායි ඉන්දියන්ට තියුණු ජයක් : මාලිංග කඬුළු 2ක් දවා ගනී

April 10, 2017

මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු තරඟයට ක්‍රීඩා කල ලසිත් මාලිංග ලකුණු 36කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. එම තරඟයෙන් ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් විය.

ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 178 ක් රැස් කළා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කිරීමට හැකි විය.

මහේල ජයවර්ධනගේ පුහුණුව යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළ පළමු ජයග‍්‍රහණය ද මෙයයි. මෙම තරගය මුම්බායිහි වන්කඬේ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිළ IPL තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කළ අතර එම තරගය පරාජයට පත් වුණා. එම තරගය සඳහා ලසිත් මාලිංග එක්ව සිටියේ නැහැ.

t

o

p