රු.ලක්ෂ 8කට වෙළඳපලට එන ලාංකීය විදුලි මොටර් රථය

April 10, 2017

දේශීය අමුද්‍රව්‍ය 60%ක් පමණ භාවිතා කර ‘කැප්ලා’ නමින් නව විදුලි මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකීය නිපැයුම්කරුවෙකු සමත් වී තිබේ. මෙම කාරය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි.

කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට සූදානම් වෙයි.

පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයෙන් මගීන් හතර දෙනෙකුට සුවපහසුව ගමන් කළ හැකි මෙම විදුලි මොටර් රථය, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100ක් ධාවන කළ හැකියි.

මෝටර් රථයේ බැටරිය නැවත ආරෝපණය කිරීම නිවසේ විදුලි සැපයුම හරහාම සිදුකිරීමට හැකියාව මෙම මොටර් රථයට පවති.

පිටරටින් ආනයනය කරන මෙම අමුද්‍රව්‍ය සඳහා රජයෙන් බදු සහන ලබා දෙන්නේ නම් ලක්ෂ 6ක මුදලකට මෙය ලබා දීමට හැකි බව නිෂ්පාදකයින් පවසයි.

අඩි 4ක් පළලින් හා අඩි 7ක් දිගින් යුක්ත වන මොටර් රථය මුල්වරට නිෂ්පාදනය කර ඇත්තේ 2013 වසරේදීයි. පරිසර හිතකාමී නිර්මාණයක් වන මෙය ඉතා අඩු ශබ්දයක් පිටකරන අතර එක් කිලෝමීටරයක් ධාවන කිරීම සඳහා වැයවන්නේ රු.3.50ක් තරම් අවම මුදලක් බව වාර්තා වෙයි.

t

o

p