2030 පසු ලංකාව තුළ දුම්කොළ වගා කරන්නේ නෑ – ඇමති රාජිත

April 8, 2017

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාකිරීම 2030 වනවිට සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.
දුම්කොළ වගාව වෙනුවට විකල්ප වගාවන් හඳුන්වාදෙන බවත් ඇමතිවරයා පැවසීය.
දුම්කොළ ආශ්‍රිතව ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදිම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන පහක මුදලක් වැයකිරිමට සිදුවන බවත් පිළිකා සඳහා පුවක් භාවිතය එක් හේතුවන බැවින් ආහාර පනත යටතේ පුවක් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ඉදිරියේදි ගන්නා බවත් ඇමතිවරයා පැවසීය.මුඛ පිළිකා හේතුවෙන් මියයන සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යන අතර මෙහිදි සිදුවන මරණ අතරින් පිරිමි මරණ වල ඉහළ අගයක් දක්නට ලැබෙන බවත් ඇමතිවරයා කීය.
එමෙන්ම සිගරට් අලෙවි කිරීමේදී  පැකට් වශයෙන් පමණක් අලෙවි කිරීමට අදාළ නීති ගෙන එන අතර තනි වශයෙන් සිගරට් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් ඇමතිවරයා අවධාරණය කළේය.
ඇමති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය පනත යටතේ අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

t

o

p