විනිමය පාලන පනත වෙනුවට නව පනතක් පාර්ලිමේන්තුවට

April 8, 2017

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරිමේ බලතල මහ බැංකුවට පවරමින් විනිමය පාලන පනත ඉවත් කෙරෙන නව පනත් කෙටුම්පතක් විදේශ විනිමය පනත් කෙටුම්පත නමින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය.
අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි.
මෙම පනත් කෙටුම්පතට අනුව විදේශ විනිමය වෙළදාම් කිරිම සඳහා මහ බැංකුව විසින් සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකටම බලය ලබාදිය යුතුය. බලපත්‍රලාභි විශේෂිත බැංකු සඳහාද එම බලය ලැවෙනු ඇත. මුදල් මාරු කරන විදේශිය විනිමය වෙළෙන්දන්ට ද මහ බැංකුව විසින් බලය දෙන ලද ලෙස සලකනු ලැබේ.
මෙසේ විදේශ විනිමය ගණුදෙනු සහ විදේශ වත්කම් විමර්ශනය කිරිම සඳහා මහ බැංකුවෙන් බලය ලබා දෙන තැන්තෙකුට ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වී විමර්ශන කටයුතු කිරිමට මෙම පනත් කෙටුම්පත මගින් අවසර ලැබේ.
වගන්ති තිස් දෙකක් ඇතුළත් විදේශ විනිමය පනත් කෙටුම්පත සම්මත කිරිම සඳහා ඉදිරි දිනක විවාද කරන බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

t

o

p