Features

සූර්ය උමං වියලනය සාර්ථකයි

වී, බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් (Solar Tunnel Dryer) තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහායි මෙම නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දී ඇත. Read More

සියලුම පාසල්වල කනිෂ්ට දරුවන්ට අද සිට කෑමවේලක්

දිවයිනේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ආහාර වේල සකස් කෙරේ. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල Read More

මැදින් පෝදා සිරිපා කරුණා කරන්න විශාල පිරිසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බවත්, එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට Read More

හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. මීළඟ ට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි Read More

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි. ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි. සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ Read More

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක්කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතා සමත්ව තිබේ. දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය. 2013 වසරේදී ඔහු එම උපාධිය Read More

තිස්ස රජ මහා විහාරයේ පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

යාපනය අර්ධද්වීපයේ පුරාණ විහාරස්ථානයක් ලෙස පවතින කන්කසන්තුරයේ ඇති තිස්ස රජ මහා විහාරයේ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලු කෙරෙහි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය)සරත් වීරසේකර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. තිස්ස රජ මහා විහාරය යනු පෞරාණික ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්ථානයක් වන අතර පුරාවෘත්තවල සදහන් Read More

පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පින්න්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය. ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස 32 ක් වූ ශාන්ති කෙනෙරට සහ වයස අවුරුදු 19 ක් වූ පණ්ඩු හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇත. පින්නවල අලි අනාථාගාරයේ සිදු වු ප්‍රථම අලි උපත සිදුව ඇත්තේ1984/07/05 Read More

ඔන්ලයින් හරහා දුම්රිය ආසන වෙන් කිරීමේදී ගැටලු රාශියක්

දුම්රිය බලපත්‍ර අන්තර්ජාල ඔස්සේ වෙන් කිරීමේ පහසුකම හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා කටයුතු කරනලදි. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින නීතී රාමුවට අදාලව එම නව ක්‍රමවේදය සකස් කිරිමට අදාළ ආයතනය සමත්ව නොමැති බවටයි දුම්රිය සේවකයන්ගෙන් චෝදනා මතුව ඇත. එසේම නව ක්‍රමවේදය ඔස්සේ බලපත්‍ර හරහා ආසන වෙන් කර ගත් මගීන් දුම්රිය ස්ථානය වෙත අදාල ආසන තහවුරු Read More

කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට ගිවිසුමකට අත්සන් තැබේ

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේ දී සිදු ව තිබේ. දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට Read More

t

o

p