Features

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් වේදිකාව කඩාගෙන යයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 02.35 ට හලාවට බලා ධාවනය වීමට නියමිත වූ අංක 420 දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුළත් කිරීමේ දී දුම්රිය නියමිත ස්ථානයේ දී නවතා ගැනීමට එම දුම්රියෙහි රියදුරු මහතා අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතී ඇත. එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ Read More

තිඹිරිගොල්ල රක්ෂිතයේ වන සතුන් දඩයම ජයටම

දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව වේදනාවෙන් පසුවෙති. ‘දියෙන් පිරී ගොස් හැඩ දමමින් පහළට ගලා බස්නා දියපහරවල් වියකී යමින් තිබේ. නමුත් වනයේ අසිරිය විඳින්නට නොහැකිවූ අහිංසක කම පුරවාගත් මුව සේනාවන් ඇතුළු වන සත්ව කැළ වනයේ ඔබ මොබ සැරිසරන්නේ මහ බියකිනි.තිඹිරිගොල්ල බක්මිටියාව Read More

මිලියන සංඛ්‍යාත ජනතාවක් නැරබූ පූර්ණ සූර්යග්‍රහණය

මෙක්සිකෝව, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනයාගේ හිස් අහස දෙසට ඔසවමින් අන් කිසිවකට සමාන නොවන ලෙස චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කරමින්, පූර්ණ සූර්යග්‍රහණයක දර්ශනයක් සමීප කරවන්නට විය. සම්පූර්ණ සූර්යග්‍රහණය සඳුදා දිනයේ මෙක්සිකෝව තුළින් ආරම්භ වී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළ තීරයේදී මෙන්ම නයගරා දිය අල්ලේ ඉහළ අහස අඳුරු කරමින් විශ්මය Read More

සංස්කෘතියට පටහැනි අංග අවුරුදු උත්සවවලට ඇතුළත් කිරීමට අවසර නැහැ

එළඹෙන සිංහල හා දමිළ උත්සවයට සමගාමිව පැවැත්වෙන අවුරුදු උත්සව සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ඒ අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් Read More

53 වැනි අප්‍රේල් විරු සමරුව – පුබුදු ජයගොඩ

“1971 අරගලයෙන් අවුරුදු 53ක් ගෙවුණු තැන මේ සමරුව සඳහා අපි එකතු වෙලා ඉන්න කොට අපි දන්නවා, 1971 අරගලය සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස්, සාකච්ඡා පවතිනවා. ඒ අතර සමහරු මේක නොකළ යුතුව තිබුණු අරගලයක්, තේරුමක් නැති දෙයක් ලෙසත් හඳුන්වනවා. ඒ වගේම මේක නොමේරු තරුණ පිරිසකගේ වැඩක් ලෙස සමහරු පණ්ඩිතමානි විශ්ලේෂණයන් කරනවා. නමුත් ඔවුන් එදා කළ අරගලය Read More

ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර වෙයි

කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ (Han Duck Soo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය. එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා Read More

ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් යථා තත්ත්වයට පත් වීම හේතුවෙන් ලෝක බැංකුව මෙරට ආරථික පුරෝකථනය පදනම් අංක 50 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙම වසරේදී සියයට 2.2 ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගනු ඇතැයි ලෝක බැංකුව දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව මගින් පුරෝකථනය Read More

කළු­තර කැලිඩෝ වෙරළ විනාශ මුඛයේ

කිසි­ව­කුගේ නිසි අව­ධා­න­ය­කට ලක් නොවී­මෙන් කළු­තර කැලිඩෝ වෙරළ තීරය විනාශ වී සංචා­රක සහ ධීවර කර්මාන්ත දෙකම කඩා­වැටී ඇති බවට එම ප්‍රදේ­ශයේ ජන­තාව චෝදනා නඟති. දිනෙන් දින සිදු­වන මුහුදු ඛාද­නය හේතු­වෙන් කැලිඩෝ සමා­න්තර වෙරළ පාර සහ ආබෘ පාර මුහුදු වැලි­ව­ලින් යට වීමෙන් ප්‍රදේ­ශයේ ගම­නා­ග­ම­න­ය­ටද බාධා එල්ල වී තිබේ. පස­ළො­ස්වක පොහොය දිනය ආසන්න වන විට රළ පහරේ Read More

ශ්‍රී ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය

මෙරට චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා (30) පැවැති සම්මාන උළෙලකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි. එමෙන්ම එතුමා කියා සිටියේ නිර්මාණවේදීන් හට නවීන තාක්ෂණ දැනුම ලබා දීමට විදෙස් පුහුණු අවස්ථාද ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය Read More

ආසියාවේ වැඩිම කොටි ඝනත්වය විල්පත්තුවේ

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය බවට වසර 13ක පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට වැඩි පිරිසකගේ කණ්ඩායමක් 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇත. එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.

t

o

p