Local News

පානදුර උතුර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්. එක් අයෙකු මිය යයි.

පානදුර උතුර පල්ලේමුල්ල ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මිගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මුහුණු ආවරණය වන සේ හිස් ආවරණ පැළැද යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිය ගිය අයට වෙඩි තබා පළාගොස් තිබේ. අද (25) පෙරවරු 9.15 ට Read More

රාජ්‍ය සේවා තොරතුරු ලබාගන්න පසුගිය වසරේ 1919 ට දුරකථන ඇමතුම් මිලියන එකහමාරක් ලැබිලා

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි (ICTA )  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තාවන් පෙන්වාදේ. .ඉන් 95% කගේ අවශ්‍යයතා සාර්තකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආතායතනයේ වැඩසටහන් ප්‍රධානි  සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන Read More

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසු වැසි

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහයේ අවසන් කටයුතු ජනවාරි 25 වැනිදා

අභවප්‍රාප්ත කලාකිර්තී අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ. ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 49,261 ක්. මේ අතර හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකුට ද Read More

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට පාසල් විවෘත වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට(25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවයි.

සෞඛ්‍ය ඇමතිනිට කොවිඩ්

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හා ඇගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි. සෞඛ්‍ය ඇමතිනියගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න මහතා ට කොවිඩ් ආසාදනය විපක්ෂ  ඇති බව තහවුරු වීමෙන් පසු ඇමතිනිය ද පරීක්ෂණයට ලක් කර ඇති අතර එහිදි ඇයටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කීවේය. Read More

දඹුල්ල ආර්ථිකයට එළවළු ගේන වාහනවලින් පෞද්ගලික සමාගමක් මුදල් අය කරයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ත්‍රිරෝද රථවලින් එළවළු රැගෙන එන ගොවීන්ගෙන් ත්‍රිරෝද රථය සඳහා ඇතුළු වීමේ ගාස්තුවක් අය කිරීමට පටන් ගෙන තිබීමෙන් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි ගොවි සංවිධාන ප්‍රකාශ කරයි. පසුගිය ආණ්ඩු සමයේ අතිවිශාල මුදල් කන්දරාවක් වාහන ඇතුළු කිරීමේදී ගොවීන්ගෙන් අය කළ බවත් අනතුරුව වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන Read More

ඇස්ට්‍රා එන්නත ගේන්න ‍අනුමැතිය

කොවිඩ් – 19 වයිරසය මර්දනයට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබි ඇත. මෙරට හදිසි භාවිතය සඳහා මේ එන්නත ගෙන්වීමට අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබුණු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය. කොවඩ් මර්දනය සඳහා මෙරට පළමු වරට භාවිත කරන එන්නත මෙය බවට Read More

වෛද්‍යවරු 100කට ආසන්න ගණනකට වෛරසය ආසාදනය වෙයි

කොවිඩ් දෙවන රැල්ලේදී වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනයවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත. එසේම දැනට වෛද්‍යවරුන් 40 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබන බව සඳහන් කරයි.

t

o

p