Local News

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් දෙදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  මනූෂ නානායක්කාර මහතා  පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 19) නිවේදනය කළේය. මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති Read More

“සිලෝන් ටී” වෙළෙද නාමය යටතේ අපනයනය කිරිම සැදු කසල තේ අල්ලයි

සීදුව කොටුගොඩ ප්‍රදේශයේදි අපනයනය කිරිමට සුදානම් කර තිබු කසල තේ කිලෝ 29000 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කසල තේ තොගය සමග සැකකරුවන් 7 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම කර Read More

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්

ප්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතකයෙකු බව හදුනාගෙන ඇත රාජ්‍ය අමාත්‍යවරයාට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කොවිඩ් අසාදිතයෙකු බව හදුනාගෙන තිබේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ හා පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් ලෙස සතුටු වෙනවා – මංගල සමරවීර

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජනයක් ගෙන්වාගැනීම, රට විකිණීමක් රට පාවාදීමක් හැටියට තම පක්ෂය විසින් පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බවට පිළි අරගෙන යහපාලන රජය විසින් ආරම්භකරන ලද එම ආර්ථික පිළිවෙත රටේ අනාගත පරම්පරාවන් ගැන සිතා යළි ඉදිරියට ගෙනයන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර නිවේදනයක් නිකුත් කරමින් Read More

අද උදෑසන සිට හුදෙකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශ

ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද(17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   ඒ අනුව මේ දක්වා හුදකලා කර ඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් Read More

ඊයේ කොවිඩ් ආසාදිතයින් 719ක්

ඊයේ (16) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 719 දෙනෙකු සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,313ක් දක්වා ඉහළ ගොස් තිබේ.  දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 7,311ක් වන අතර සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 44,746කි.    ඊයේ දිනයේත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එයත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 256 ක් Read More

18 වනදා බස් වර්ජනය ක්‍රියාත්මක වෙයිද?

පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග අද (16) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

ගම්පහ මූල්‍ය ආයතනයක මංකොල්ලයක්

ඊයේ (15) දහවල් මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර තිබේ. ගම්පහ මිරිස්වත්ත පාර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණ ඇති සැකකරුවන් ගිනිඅවි පෙන්වා එහි සිටි සේවකයින් බියගන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් මූලස්ථානය සදහන් Read More

පාර්ලිමේන්තු භෝජනාගාර වේටර්වරියකට කොවිඩ්

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානයක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී හා සහකාර වේත‍්‍රධාරී ඇතුළු සියලූම අංශ ප‍්‍රධානීන් දිවා ආහාරය ලබාගනු ලබනුයේ මෙම විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වන අතර මේ වන විට Read More

සුඛෝපභෝගි බස් රථයක තිබි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබු අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් සමග එහි රියදුරු අද (15) අළුයම කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව කොස්ගොඩ ප්‍රදේශයේදි කළ වැටලීමකදි බස් රථයේ රියදුරු හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ. බස් රථය පැදවූ පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි Read More

t

o

p