Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතිබව මැතිවරණ කොමිසමට දැනුම් ‍දෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී ඇති බවත් ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා යවා තිබේ. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ Read More

කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස ආරක්ෂිතය තුළ පවුල් 2360 ක් පදිංචි වෙලා.

කැළණිවැලි දුම්රිය මාර්ගය දෙපස ඇති මාර්ග ආරක්ෂිතය තුළ පදිංචිව සිටින්නන් පිළිබඳව සංගණනයක් සිදුකර ඇති බවත් එහි ඇති පවුල් ඒකක සංඛ්‍යාව 2360 ක් බවත් ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. මාර්ග ආරක්ෂිතයෙන් එම පවුල් ඒකක ඉවත් කර වෙනත් ස්ථානයක පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් පදිංචි කිරීමට මාලිගාවත්ත ලක්සිරි සෙවන නිවාස Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස තෙක් ලැබූ ආදායම රුපියල් 445,319,656 ක් – සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට ලබා ඇති ආදායම රුපියල් 445,319,656 ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එම  ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට Read More

සහල් කිලෝ 3ක් සහ සීනි කිලෝ එකක් පවුලකට සති දෙකකට ඇති – ඇමති බන්දුල

සහල් කිලෝග්‍රෑම් තුනක් සහ සීනි කිලෝග්‍රෑම් එකක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය. එක් පවුලකට රුපියල් දහසේ සහන මල්ලක් පමණක් දෙන්නේ එම නිසා බවත් වෙළෙඳ ඇමැතිවරයා පවසා සිටියේ. සහල් කිලෝගෑම් තුනක්, පරිප්පු කිලෝග්‍රෑම් එකක්, සීනි කිලෝග්‍රෑම් එකක්, පිටි සහ ලුණු කිලෝග්‍රෑම් එකක් ඇතුළු කිලෝග්‍රෑම් හතක බඩු ප්‍රමාණයක් සහ Read More

මගී බස් රථයක් පැදවූ සිසුවෙක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් පෞද්ගලික බස් රථයක් වලංගු රිය බලපත්‍රයක් නොමැතිව පදවාගෙන යමින් සිටියදී මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පියාට අයිති මගී බස් රථය මෙම සිසුවා විසින් වීරකැටිය සිය නිවසේ සිට මිද්දෙණිය නගරය දක්වා ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ. පියා දැනුවත්ව මෙම සිසුවා සේවයට යෙදෙව්වාද Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මහජන ආරක්ෂක ඇමති හෙළි කරයි

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් දෙදෙනා හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බව පැවසු අමාත්‍යවරයා, ඔහු 2014 දී Read More

වතුකම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ගෙවීමේ තීරණය අප්‍රෙල් මස සිට ක්‍රියාත්මක විය යුතුයි – වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ

වතුකම්කරුවන්ගේ  අවම වැටුප රුපියල් 1000 ක් ලෙස  ගෙවීමේ තීරණය අප්‍රෙල් මස සිට ක්‍රියාත්මක විය යුතු බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය. වතුකම්කරුවන්ගේ  අවම වැටුප රුපියල් 1000 ක් ලෙස ඉහළ නැංවීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක්  අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණද, ඊයේ දිනය තුළ අධිකරණය මඟින් ලබා දුන් තීන්දුවට අනුව එම මුදල ගෙවීම ගැටලුවක් නොමැති Read More

යහපාලන සමයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අවභාවිත කිරීම ගැන දින 02 ක විවාදයක් දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක්

යහපාලන රජය සමයේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් දින 02 ක පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙසට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධව ආණ්ඩු පක්ෂය සිය එකඟත්වය පළ කළේය.  දිවංගත වෙළඳ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා සද්භාවයෙන් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අවභාවිත කිරීම Read More

බීමත් රියදුරන් සොයා අවුරුදු සමයේ මෙහෙයුම්

බීමතින් රිය පදවන පුද්ගලයින් සොයා සඳහා අප්‍රේල් 10 වනදා සිට විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.‍ පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරින් වෙත මේ වන විටත් ස්වසන වායු උපකරණ ලබාදී තිබෙන බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කොට රිය පදවන පුද්ගලයින් පිළිබඳව පොලිස් නිලධාරින් අවධානයෙන් කටයුතු කරන බවත් අජිත් රෝහණ Read More

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවෙිදී සම්මතයි

දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත විය. ‍අදාළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සාමාජිකයන් 15 දෙනෙක්ගෙන් සමන්විත වන අතර කථානායකවරයා විසින් තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06ක් Read More

t

o

p